![]() ![]() |
![]() ![]() |
![]() ![]() |
1899 වර්ෂයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නායකත්වය මත දොලේවත්ත ඉඩමේ මෙම පාසල බෞද්ධ පාසලක් ලෙස ආරම්භ වී ඇත. පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිලි දෙකක ගැහැණු පිරිමි ලෙස ආරම්භ වූ මෙම පාසල ගොඩනැගීමට ප්‍රභූවරයෙකු වූ කීර්ති වන්ද්‍රසේකර මහතා දායක වී ඇත. මුළු සිසුන් 30 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසලේ පළමු වන ආචාර්යවරයා වූයේ ආර්.ඩී.ජේමිස් මහතාය.
1900 දී වර්තමාන පාසල පිහිටි ස්ථානයට ගෙන ආ මෙම පාසල පොල් අතු සෙවිලි කළ ගොඩනැඟිලි දෙකකින් ගැහැණු හා පිරිමි ලෙස පවත්වාගෙන යනු ලැබීය. කෝන්ගහවත්ත වන මෙම ඉඩම පරිත්‍යාග කර ඇත්තේ ජාකෝලිස් වරුසප්පෙරුම මහතාය.
1915 දී ප්‍රදේශවාසින්ගේ පරිත්‍යාග වලින් කුරුස ගොඩනැඟිල්ල ස්ථීර ගොඩනැඟිල්ලක් ලෙස ගොඩනඟා ඇත. 1942 දී ඇල්බට් ෆොන්සේකා මහතා විසින් ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කර ඇත. 1955 දී ගුරු මණ්ඩලයේ වැටුපෙන් කොටසක් දායක කරගෙන ප්‍රදේශ වාසීන්ගේ ද ආධාර ඇතිව ගොඩනැඟිල්ලක් නිම කර ඇත.
1956 වර්ෂයේදී විදුහල්පති වූ ඩී.ඊ. සුරවීර මහතා විශ්‍රාම ගොස් ඒ වෙනුවට පී.අතුකෝරළ මහතා පත්වී ඇත. කේ.ඒ.ජයසේන විදුහල්පතිතුමාගේ කාලයේ පරණ බුදු මැදුරත් ග්‍රේටා රාජපක්ෂ විදුහල්පතිතුමියගේ කාලයේ දැනට පවතින බුදු මැදුරත් ඉදිකර ඇත.
1977.05.05 වන දින මෙය මහා විද්‍යාලයක් බවට පත් වී ඇත.පාසලට විදුලිය ලබා ගැනීම විදුහල්පති කුසුම් ප්‍රේමරත්න මහත්මියගේ කාලයේ සිදු වී ඇත. පාසලට ජලය ලබා ගැනීම කොස්ගොල්ල විදුහල්පතිතුමාගේ කාලයේ සිදු විය.
1999 අප්‍රේල් මස විදුහල්පති ඩබ්.ජී.පී. කොස්ගොල්ලවත්ත මහතා විශ්‍රාම ගත් අතර ආර්.එම්.ජී.පී. ග්‍රේටා රාජපක්ෂ මිය මැයි මස සිට විදුහල්පති ලෙස වැඩ බැලූ අතර 2001 පෙබරවාරි මස දක්වා විදුහල්පති ධූරය දරන ලදී. ඉන්පසු සෝමපාල මහතාත් එස්. ලියනගේ මහතාත් විදුහල්පති ධූරය හෙබ වූ අතර ඉන් අනතුරුව වත්මන් විදුහල්පති ආර්.එම්.ටී.බී.රත්නායක මහතා විදුහල්පති ලෙස කටයුතු කරමින් සිටී.











