විදුහල්පති පණිවිඩය
ආර්.එම්.ටී.බී රත්නායක මයා
බස්නාහිර පළාතේ ගම්පහ කලාපයේ නිට්ටඹුව නගරය ආසන්නයේ පිහිටි නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය දීප්තිමත් බෞද්ධ පාසලකි. අප සිසු දරුවන් කොටිඨාස, කලාප මෙන්ම පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල භෞතික සම්පත් වලින් ද පසුගිය වසර කිහිපය පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. ඒ සඳහා දායකත්වය ලබා දුන් ගුරු,සිසු හා දෙමාපිය මෙන්ම බාහිර පාර්ශවයන්ට ද මාගේ හෘදයාංගමය ස්තූතිය පල කරමි.
ශිෂ්‍යයා පූර්ණ පරිණත සුභක පුරවැසියෙකු බවට පත්කිරීමේ කාර්යභාරය පාසල හා ගුරුවරයා විසින් ඉටු කරනු ලැබිය යුතු බව පරමාදර්ශී උපකල්පනයකි. මෙහිදී ධනාත්මක ගුරු සිසු සබඳතාවක අවශ්‍යතාවයද අධ්‍යාපනඥයින්ගේ සාකච්ඡාවට බඳුන් වේ. නවීන තාක්ෂණික මෙවලම් ඉදිරියේ සිසුන් පොතපතින් ඈත් කර ඇති බවද නොරහසකි. පරිගණකය සුහුරු ජංගම දුරකථන හරහා සිසු කැළ අන්තර්ජාල අවකාශයේ අතරමන් වූ සෙයක්ද පෙනී යන කරුණකි. ධනාත්මක ගුරු සිසු සබඳතාවකට ඇති ඉඩ එයින් අසුරා ඇති බවක්ද පෙනී යයි.මෙය අධ්‍යාපනයේ ප්‍රගතියට බාධාවක් වන අතර දැනුමෙන් ආකල්ප වලින් හා කුසලතාවලින් පරිපූර්ණ සුභාග පුරවැසියකු බිහි කරලීම සිහිනයක් බවට පත් කරවන්නකි.
අන්තර්ජාල අවකාශය තුළ අතරමං වූ දරුවන් සුමඟට ගනිමින් සදාචාරවත් දැනුම ආකල්ප කුසලතා පරිපූර්ණ පුරවැසියෙකු බිහි කරලීම සඳහා පාසල හා ගුරුවරයාද අන්තර්ජාල අවකාශය වෙත පිවිසීම අත්‍යවශ්‍ය වේ.දුරස් වෙමින් යන සිසු පරිත්පුර නැවත සුමගට ගැනීමට එයින් ගුරුවරයාට ශක්තියක් හා දැනුම යාවත්කාලීන වීමක්ද සිදුවේ. ඒ සඳහා අවශ්‍ය අභිප්‍රේරණය මෙම අන්තර්ජාල අවකාශය මගින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරමි.
එබැවින් අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
ආර්.එම්.ටී.බී රත්නායක මයා
විදුහල්පති
බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය.






