බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

දැනට පුරා සියවසකුත් වසර 25ක් ආයු ලබා ඇති බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව බෞද්ධ මහා විදුහල් මාතාවගේ උපත පෙර පැවතී මිෂනාරී අධ්‍යාපනයක අපගේ මතකය කරා ගෙන යයි.

1899 වර්ෂයේදී අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් සිංහලය නඟා සිටුවීමට සමගාමීව වර්තමාන නිට්ටඹුව පොලිසිය හා මහා මාර්ග ඉංජිනේරු කාර්යාලයේ පිහිටි දොළවත්ත නම් ඉඩමේදී රැස්වීමක් පවත්වන ලදී. මේ වනවිට නිට්ටඹුව රෝමානු කතෝලික විද්‍යාලය හා වේයන්ගොඩ ශාන්ත මරියා නමැති රෙපරමාදි විද්‍යාලද මෙම ප්‍රදේශය තුළ ආරම්භ කර තිබුණි.  ප්‍රදේශයේ බෞද්ධ දරුවන් සඳහා පාසල් අධ්‍යාපනයක් ලැබිය යුතුව තිබුණේ ද මෙම පාසල් වලිනි.  නමුත් සිල්වත් සමාගමේ නිර්මාතෘවර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ට මෙම කරුණු පිළිබඳ දැනගන්නට ලැබුණු අතර එයට විරුද්ධව ක්‍රියාන්විතයක් ආරම්භ කරමින් දොළවත්ත නම් ස්ථානයේ දී පැවැත්වූ රැස්වීමක් අතරතුර ප්‍රදේශවාසීන්ට දොස් පවරා සිංහල දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට වැඩපිළවලක් සකස් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1899 අග භාගයේදී දොළවත්ත නම් ඉඩමෙහි පොල් අතු ගොඩනැගිලි දෙකකින් සමන්විතව ආරම්භ කෙරුණු පාසල තුළ ගැහැණු පිරිමි ලෙස වෙන් කොට පාසල පවත්වාගෙන යන ලදී. මේ පිළිබඳව මූලිකත්වය ගැන ක්‍රියා කරන ලද්දේ ප්‍රදේශයේ කිරීමත් ප්‍රභූවරයකු වන පීරිස් චන්ද්‍රසේකර මහතාය. එකල පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව තිහ දෙනෙකුගෙන් සමන්විත විය.දොළවත්ත ඉඩමේ ආරම්භ කරන ලද නිට්ටඹුන බෞද්ධ විද්‍යාලයේ ප්‍රථම ආචාර්යවරයා වූයේ ආර්.ඩී.ජේමිස් මහතාය. දොළවත්ත ඉඩමේ  ඉඩකඩ මදි වීම නිසා 1990 වර්ෂයේ එය කෝන්ගහවත්ත ඉඩමට ගෙන එනු ලැබීය. ඒ කල්පිටියේ ජාකෝලිස් වරුසප් පෙරුම මහතා විසිනි.

ඉන්පසු කාලය තුළදී පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් පාසලේ ඉඩකඩ පිළිබඳ ගැටලුවක් මතුවිය. මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ස්ථාවර ගොඩනැගිල්ලක අවශ්‍යතාවය ප්‍රදේශවාසීන්ට වැටහෙන්නට විය එම නිසා ප්‍රදේශවාසීන් ආධාර වශයෙන් එකතු කළ මුදල් හා පරිත්‍යාග වශයෙන් ලැබුණු මුදල් හා අමුද්‍රව්‍ය යොදා ගනිමින් වර්තමානයේ වර්තමානයේ කුරුස ගොඩනැගිල්ල නමින් නම් දරණ පුරාණ ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි. තවද පාසලේ ගොඩනැගෙමින් පවතින කුරුස ගොඩනැඟිල්ලේ වහලය සඳහා ලී දඬු අවශ්‍ය විය එම අඩුපාඩුව සපුරා ගැනීම සඳහා පීරිස්  චන්ද්‍රසේකර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා බටදොළේ ජේ.පී.උභයසේකර මහතා වෙත ගිය අතර එතුමාගේ කළමනාකරණ ධූරය හෙබවූ ඩැනියෙල් අප්පුහාමි මහතාට මෙම ගොඩනැගිල්ලේ අවශ්‍ය සියලු ලීබඩු සපයාදීමට අවශ්‍ය කටයුතු පවරන ලදී.පාසල් ගුරු සංඛ්‍යාව අඩු වූ හෙයින් එම පුරප්පාඩු අවම කර ගැනීමට ශිෂ්‍ය ගුරුවරුන් හෙවත් මොනිටර් ගුරුවරුන්ගේ ද සහයෝගය මත ගුරු පුරප්පාඩු අවම කර ගැනීමට හැකි විය.

කාලයාගේ ඇවෑමෙන් කුරුසරු ගොඩනැගිල්ලේ කටයුතු අවසන් විය එකල ශිෂ්‍ය සංඛ්‍යාව තුන්සියයක් පමණ වූ අතර මෙතෙක් ගොඩනැගිලි පාලනය හා ගුරු වැටුප් ගෙවීම සිදුවූයේ කළමනාකරන මණ්ඩලයක් නමුත් ඇති වූ ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් තවදුරටත් එම කාර්ය මණ්ඩලයට මුදල් ගෙවීම් සිදුකළ වීමට නොහැකි වූ හෙයින් එම පාසලේ සියලු වගකීම් සමාගමකට පවරාදීමේ අවශ්‍යතාවයක් ඇති වූ හෙයින් පරම විඥානාර්ථ සමාගමට පවරාදීම සුදුසු යැයි නිර්දේශ කළේය. එයින් අනතුරුව මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරුවරුන්ගේ සංඛ්‍යාව ක්‍රමවත්ව සීඝ්‍රයෙන් වැඩි විය. සී.පී.සේනානායක මහතා එහි ප්‍රථම පුහුණු ගුරුවරයා විය. ජේ.පී ජයසේන මහතාද සී.පී සේනානායක මහතා ද ඉන්පසුව වී.ඊ.සුරවීර මහතා ද විදුහල්හවිදුහල්පති ධූරය පිළිවෙලින් දරා ඇත.

වී.ඊ.සුරවීර මහතාගේ කාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව අටසීය දක්වා වැඩි විය වැඩි විය. එකල ගුරුවරුන්ගේ ප්‍රමාණයද තිස් දෙනෙකුගෙන් සමන්විත විය. ලංකාවේ කනිෂ්ට පළාත් පාසල් අතර ශූරතාවයක්ද මෙම පාසල තුළට හිමිවීම විශේෂත්වයකි. 1942 වර්ෂයේ කුරුස ගොඩනැගිල්ලේ ඉඩ මදි වූ හෙයින් ගැටලු රාශියකට මුහුණපාන ලද අතර මෙය මඟවා හරවා ගැනීම සඳහාම එම ප්‍රදේශයේ ධානපතියෙකු වූ පස්යාල බටලියේ විසු ඇල්බට් ෆොන්සේකා මහතා තම පියාණන් වූ ස්වාමීන් පෙරේරා මහතාට පින් පිණිස පාසලට ගොඩනැගිල්ලක් සාදා දෙන ලදී.

1954 දී ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වර්ෂ සීයක් පිරීම නිමිති කොටගෙන පුස්තකාලයක් ලබා දුන් අතර ඒ. ජයසේන මහතාගේ කාලයේදී පරණ බුදු මැදුර සාදන ලද අතර ඉන් අනතුරුව විදුහල්පති ධූරය දැරූ එල්. ඩබ්ලිව්. ගුණරත්න මහතාගේ කාලයේ මෙම පාසල 1977 දී මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී.ඉන්පසු 1978 දී මෙම විදුහලේ ප්‍රථම උපාධිධාරි විදුහල්පතිවරයා වූයේ සුමනසේකර මහතා ය. මෙතුමන්ගේ ධූර කාලයෙන් පසුව විදුහල්පති වූ කුසුමා ප්‍රේමරත්න මියගේ කාලයේ සිදු වූ විශේෂ සිදුවීම වන්නේ පාසලට විදුලිය ගැනීමයි. 1991 සී කොස්ගොල්ලවත්ත මහතා විදුහල්පති ධූරය හෙබ වූ අතර පාසලට ජලය ලබා ගැනීම විශේෂත්වයකි.එවකට කෝන්ගහවත්තේ පාසල තුළ සිසුන් සංඛ්‍යාව 925 හා  උපාධිධාරී ගුරුවරු හා පුහුණු ගුරුවරු 43 කින් යුත් ආචාර්ය මණ්ඩලයක් විය. 1998 වර්ෂයේදී වාණිජ උසස් පෙළ පංති ආරම්භ කරන ලදී.

2001 වර්ෂයේ මාර්තු 22 වන දින ආර්.එම්.පී.ජී.රාජපක්ෂ මහත්මිය විදුහල්පති වූ අතර නව බුදු මැදුර මෙතුමියගේ කාලයේ ඉදුකරන ලදී. එස්. 2010 වර්ෂයේ විදුහල්පති ධුරයට පත් වූ එස් ලියනගේ මහතා 2011 ඔක්තෝබර් මස 19 වන දින විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ගත් අතර ඒ නව විදුහල්පති ධුරය සඳහා වැඩ බලන විදුහල්පති ලෙස ආර්.එම්.ටී.බී.රත්නායක මහතා පත් වූ අතර මසක පමණ කාලය තුළදී එනම් 2011 නොවැම්බර් 23 වන දින නිල වශයෙන් විදුහල්පති ධුරයට පත්විය.

2024 වන විට මෙතුමාගේ ධූර කාලයේ වර්ෂ 13 කට ගතවී ඇත මෙතුමන් මේ කාල සීමාව තුළ පාසලේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ සේවාවන් රැසක් සිදු කරන ලද අතර ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

පරණ ප්‍රධාන ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණය කළ අතර විදුලි ආලෝකය සහ විදුලි පංකා සවිකිරීම සිදුකරන ලදී. ප්‍රධාන ශාලාවේ වේදිකාවේ වහලයට සිවිලිම් සවිකිරීම මෙතුමාගේ කාලයේ සිදුකරන ලද අතර සිරස මාධ්‍ය ආයතනය සම්බන්ධ කර ගනිමින් පාසලට පානීය ජල ටැංකියක්  නිර්මාණය කරන ලදී. 2018 වර්ෂයේ ප්‍රධාන ශාලාව ඉදිරිපස මිදුලට සිමෙන්ති ගල් අතුරන ලදී. අත්තනගල්ල පුරාණ රජමහා විහාරාධිපති සිවුණාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පන්නල ශ්‍රී ආනන්ද හිමිගේ මූලිකත්වයෙන් තෙමහල් ගොඩනැගිල්ලක් ද වැසිකිලි පද්ධති හතරක් ඉදි කිරීම, ප්‍රාථමික පන්ති කාමරවලට යන මාර්ගය සකස්කර කොන්ක්‍රීට් කිරීම, ඉදිරිපස තාපය හා ගේට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම, ගෘහ විද්‍යාගාරයට පිඟාන් ගඩොල් ඇතිරීම, විද්‍යාගාරයට පිඟන් ගඩොල් ඇතිරීම, පාසලට ඇතුල් වන මාර්ගය පිළිසකර කිරීම හා ළමා උද්‍යානය සකස් කිරීම වැනි කාර්යයන් රාශියක් සිදු කර, වර්තමානය තුළද සේවාවන් රැසක් සිදු කරමින් සිටී.

ආරම්භ කළ වර්ෂය

1899 අගෝස්තු

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

30

මුල් ගුරුතුමාගේ නම

ආර්.ඩී.ජේමිස් මහතාය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

පීරිස් චන්ද්‍රසේකර මහතාය

පාසල රජයට පවරාගත් දිනය

1977

පාසල පැවැත්වූ ස්ථානය

දොළවත්ත නම් ඉඩම