බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මේනකා මනෝරි මිය

නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය යනු නිට්ටඹුව නගරයේ පිහිටි ජනප්‍රිය බෞද්ධ පාසලකි. 1899 අගෝස්තු අග භාගයේ ඇරඹූ අනාධිමත් කාලයක සිට දරුවන්ගේ යහ ගුණ දම් වර්ධනය කරමින් රටට යහපත් පුරවැසියන් දායක කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙන අප පාසල ගුණ නැණ පිරි ධීර වීර දූ පුතුන් සමාජගත කිරීම දැක්ම කොට ගෙන ඇත. වෙනස් වන ලෝකයේ අභියෝග ඉදිරියේ නිර්මාණකරුවෙකු ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරන්නෙක් දායාද කිරීම යන මෙහෙවර ඔස්සේ ක්‍රියාත්මක වන පාසල දරුවන් වෙනුවෙන්ම විවිධ වැඩසටහන් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ හර පද්ධතීන් දරුවන්ගේ ජීවිත තුළ සනිටුහන් කිරීමට වෙර දරන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය පාසලේ වගකීම් වෙනුවෙන් වග වෙන බව පැහැදිලි කරුණකි. පාසලට ක්‍රීඩා පිටියක් නොමැතිවීම දැඩි අපහසුතාවයක්ව පැවතියත් නාගරික මහජන ක්‍රීඩාංගනය භාවිතා කරමින් දරුවන්ගේ ක්‍රිඩා කුසලතා ගොඩනැගීමට පාසල් නිරන්තරයෙන් වෙර දරයි. දරුවන්ගේ ජීවිත දැහැමිව ගත කිරීමට සාමකාමී ලොවකට පියමං කරවීමට අවශ්‍ය සතිමත් බවක් ගොඩනංවමින් දෙමාපියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් දරුවන් සමාජයට මුදා හැරීම අපගේ උත්සාහයයි.

යහපත් මිනිසෙක් ගොඩනං වන්නට ගුණ නැණ පිරි ධීර වීර දූ පුතුන් ගොඩනඟන්නට සියලූම අභියෝග ජය ගන්නා දරු පරපුරක් තනන්නට මෙහි සියලූම කාර්ය මණ්ඩලය හා අපගේ දෙමාපියන් ඇතුළු සුභ පතන්නන් සැමට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න මාගේ ප්‍රාර්ථනාවයි.

 

 

මේනකා මනෝරි මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය.