බප/ගම්/නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලය

බොදු කිතු ගොස රාව නැංවූ අපේ හපන්නු

බොදු රන්තරු දරුවෝ

inner.png
inner2.png
  • සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවම වශයෙන් උදෑසන 7.15 වන විට පාසලට පැමිණිය යුතුය.

     

  • පන්තිය හා අවට පිරිසිදු කිරීමට නියමත සිසු සිසුවියන් විසින් පිරිසුදු කිරීමේ කටයුතු පෙරවරු 7.25ට පෙර සිදුකළ යුතුය.

     

  • පෙරවරු 7.25ට පළමුව සීනුව නාද කළ විට සියලු දෙනා නිහඬව තමා සිටි ස්ථානයේම රැඳිය සිටිය යුතු අතර දෙවන සීනුව නාද කළ පසු හැකි ඉක්මනින් ඉක්මනින් පන්ති කාමර වෙත ගොස් ආගමික වතාවත් කිරීම සඳහා සූදානම් විය යුතුය.

     

  • පාසල තුළ සිටින සියලූම දෙනා අනිවාර්යයෙන්ම උදෑසන ආගමික වතාවත් වලට සහභාගි විය යුතුය.

     

  • උදෑසන මල් පූජාව නියමත පංතියේ සිසුන් පෙරවරු 7.15 වන විට ඒ සඳහා සූදානම් විය යුතුය.

     

  • පාසලට පැමිණි පසු මොනවම හේතුවක් නිසාවත් පාසල නිමා වනතුරු විධිමත් අවසරයකින් තොරව පාසලෙන් බැහැරව නොයා යුතුය.

  • පාසල් වේලාව තුළදී සියලූම සිසුන් පන්ති කාමර තුළම රැඳී සිටි සිට කාලසටහනට නියමිත පරිදි ඉගෙනුම් කටයුතුවල යෙදිය යුතුය.

  • පාසල තුළ පුස්තකාලය, විද්‍යාගාරය ,සෞන්දර්ය හෝ තාක්ෂණ විෂයන් සඳහා කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමේ දී එක් පේළියකට ගමන් කළ යුතුය.

  • විවේක කාලයේදී හැර වෙනත් කිසිම කාලපරිච්ඡේදයකදී ආපනශාලාවේ රැඳී නොසිටිය යුතුය.

  • පොලිතින් පාසල් භූමියට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර දිවා ආහාරය රැගෙන ඒමේදී ඒ සඳහා කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුය.

  • පාසල තුළට අනවශ්‍ය හෝ නොගැලපෙන ලිපි ලේඛන, පුවත්පත්, කැසට් පටි, සීඩී හෝ වී සීඩී තැටි හා ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

  • සඳුදා දින උදෑසන ප්‍රධාන රැස්වීමට පැමිණීමේදීත් අවසන්ව යෑමේදීත් පේළියට යා යුතු අතර රැස්වීම ආරම්භයේ සිට අවසානය දක්වාම නිශ්ශබ්දතාවය පවත්වා ගත යුතුය.

  • මුදු, මාල, වළලු, අත්පට, තෝඩු ආදිය නොපැළඳිය යුතු අතර අත් ඔරලෝසු පැළඳිය හැක්කේ දොළහ දහතුන ශ්‍රේණි වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණි.

  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.