පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- නිල ඇඳුම් කොමිසය කමිසයේ සාක්කුවේ දකුණු කෙළවර විද්‍යාලයීය විද්‍යාලයේ නිල ලාංඡනය ස්ථීර ලෙස මසා තිබිය යුතුය.
- කමිසය මැසීමේදී අනවශ්‍ය රැළි ආදිය නොතැබිය යුතු අතර මැස්ම දෙවරක් නොයෙදිය යුතුය.
- කමිසයේ අත වැලමිටෙන් ඉහළට තිබිය යුතු අතර අනවශ්‍ය ලෙස හිර නොවිය යුතුය.
- කමිසයේ වම්පසට වන සේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එහි බොත්තම් හෝ රැලි නොතිබිය යුතුය.
- අත් දිග කමිසය ඇඳිය හැක්කේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු හට පමණි.
- නිල් කොට කලිසමේ වාටිය දනහිසෙන් අඟල් 1 ½ ක් උසින් තිබිය යුතුය.
- පිරිමි ළමුන් කළු සපත්තු හා මේස් පැළඳිය යුතුය.
- සපත්තු ඉදිරියෙන් දිගටි උල් ආකාරයට සකස් කළ ඒවා නොවිය යුතුය.
- විද්‍යාලයට ගැලපෙන ආකාරයට කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- හිසකෙස් නළලට නොවැටෙන සේ කොටට කැපිය යුතු අතර කන දෙපස හිසකෙස් කන් වල මැදට පහළින් නොතිබිය යුතුය.
- ක්‍රීම් හෝ ආලේපන යොදා කාලීන විලාසිතා අනුව කොණ්ඩය සකස් නොකළ යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සඳහා අවසර නැත.


පිරිමි ළමුන් (10-13)
- දිග කලිසමේ කකුලේ කෙළවර අඟල් 16ට වැඩි හා 18ට අඩු විය යුතුය.
- රූප සටහනේ ඇති පරිදි දෙපසට සාමාන්‍ය රැලි දෙකක් පමණක් බැගින් යොදා තිබිය යුතුය.
- කලිසමේ පසුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය. මෙම සාක්කුවට පියන් නොදැමිය යුතුය.
- කලිසමේ බෑන්ඩි අඟල් 1 ½ ට වඩා නොවැඩි විය යුතුය අතර කාදු නොදැමිය යුතුය.
- ඇඟට තද වන සේ හෝ ප්‍රමාණයට වඩා විශාල වන සේ කලිසම් ඇඟීමට අවසර දෙනු නොලැබේ.
- කමිසය මැසීමේදී අනවශ්‍ය රැළි ආදිය නොතැබිය යුතු අතර මැස්ම දෙවරක් නොයෙදිය යුතුය.
- කමිසයේ අත වැලමිටෙන් ඉහළට තිබිය යුතු අතර අනවශ්‍ය ලෙස හිර නොවිය යුතුය.
- කමිසයේ වම්පසට වන සේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එහි බොත්තම් හෝ රැලි නොතිබිය යුතුය.
- අත් දිග කමිසය ඇඳිය හැක්කේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයකු හට පමණි.
- පිරිමි ළමුන් කළු සපත්තු හා මේස් පැළඳිය යුතුය.
- සපත්තු ඉදිරියෙන් දිගටි උල් ආකාරයට සකස් කළ ඒවා නොවිය යුතුය.
- විද්‍යාලයට ගැලපෙන ආකාරයට කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- හිසකෙස් නළලට නොවැටෙන සේ කොටට කැපිය යුතු අතර කන දෙපස හිසකෙස් කන් වල මැදට පහළින් නොතිබිය යුතුය.
- ක්‍රීම් හෝ ආලේපන යොදා කාලීන විලාසිතා අනුව කොණ්ඩය සකස් නොකළ යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳිය හැක්කේ ශිෂ්‍ය නායකයින් සඳහා පමණක් වේ.


ගැහැණු ළමුන් (1-13)
- ගෙල ඉදිරිපස විවරය පැල්ම අගල් 4ක් පමණ විය යුතුය. හක් ඇල්ලිය යුතුය.
- අතේ දිග කෙළවර වැලමිටේ සිට අඟල් 3 සිට 4 දක්වා ප්‍රමාණයේ තිබිය යුතුය.
- ගවුමේ ඉණ අත දිගහැරි විට වැලමිට ඉරට කෙළින් තිබිය යුතුය.
- ගවුමේ ඉණ පටියේ පළල අඟල් 1 ½ ක් පමණ විය යුතුය. හක් දෙකක් ඇල්ලිය යුතුය.
- ගවුමේ සායේ දකුණු පසට සැඟවුණු සාක්කුවක් දැමිය යුතුය.
- ගවුමේ සායේ උස දණහිස වැසෙන මට්ටමට විය යුතුය.
- සායේ රැලි අඟල් 1 ½ ක් පළල විය යුතුය.
- ගවුමේ කඳ කොටසේ වම් පස නිල ලාංඡනය පැළඳිය යුතුය.
- ගැහැණු ළමයි තනි සුදු සපත්තු සහ සුදු මේස් පැළඳිය යුතුය.
- කොණ්ඩය මැදින් පීරා කරල් දෙකකට ගොතා නවා කළු රිබන් පටියක් බැඳිය යුතුය.
- කොණ්ඩය කොටට කපන දැරියන් ගවුම් කොළරය නොවැසෙන සේ කොටට කැපිය යුතු අතර පැත්තට බෙදා නළල පෙනෙන සේ සකස් කල යුතුය.
- නිල ඇඳුමේ කොළරයේ ගෑවෙන කොණ්ඩයක් ඇති දිය දැරියන් කොණ්ඩය මැදින් බෙදා දෙපසට සිටින සේ කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
- අනවශ්‍ය ලෙස කොණ්ඩා කටු භාවිතා නොකළ යුතුය.








