බොදු කිතුගොස රාව නැංවූ අපේ හපන්නු
2024 වර්ෂය තුළ නිට්ටඹුව බෞද්ධ මහා විද්‍යාලයීය දූ දරුවන් විසින් ජයග්‍රහණ රැසක් අත් කර ගත් අතර මෙහි දැක්වෙන්නේ පළාත් හා කලාප මට්ටමේ ජයග්‍රහණ කිහිපයකි. සමාජ විද්‍යා , ඉංග්‍රීසි මෙන්ම නර්තන අංශයෙන් ද ජයග්‍රහණ අත් කර ගෙන ඇත.
2024 පළමු වාර පරීක්ෂණයෙන් ප්‍රධාන විෂයන් සඳහා ලකුණු 75 ට වඩා වැඩියෙන් ලබා ගත් සියළුම සිසුන් හට රන්තරු පදක්කමක් පැළඳවීමට යෝජනා විය. ඒ අනුව පාසල් සංවර්ධන සමිතයේ දී ඒ සඳහා සුදුසුකම් ලද සිසුන්ට පදක්කම් පැළදවූ අවස්ථාවයි මේ.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් දින උදෑසන කඩල දන්සැලක් පැවැත්වීමට පාසලේ බෞද්ධ කමිටුව තීරණය කරන ලදී. ඒ සඳහා පාසලේ සියළුම පන්ති වලින් තමිබා සකස් කරන ලද කඩල ගෙන්වා ගෙන දන්සැල පවත්වන්නට යෙදුණි. එහි විශේෂ අවස්ථා දැක්වෙන ඡායාරූප පෙළක් මෙසේ දන්වා ඇත.